Missing school student's body recovered after 13 days



පසුගිය 16 වනදා සිට අතුරුදහන්ව සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙකුගේ සිරුර කොත්මලා ඔයට ජලය ගලා බසිනා නානුඔය ඇළ අසල උණ පදුරක තිබියදි  අද (29) පස්වරුවේ සොයාගත් බව නානුඔය පොලීසිය ප්‍රකාශ කරනවා. මෙලෙස සොයාගෙන ඇත්තේ නානුඔය ඩෙස්පොඩ් වතුයායේ පදිංචි ගුණසේකරන් සිවන්රාජ් නැමති 14 හැවිරිදි පාසල් සිසුවෙකුගේ සිරුරයි.

නානුඔය එන්ස්පොඩ් දෙමළ මහා විද්‍යාලයේ නව වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි මෙම සිසුවා ඉකුත් 16 වෙනිදා සිට අතුරුදහන්ව සිටි බවට එම සිසුවාගේ දෙමව්පියන් විසින් නානුඔය පොලීසිය වෙත පැමිණිල්ලක් කර තිබුණා. ඒ අනුව පොලීසිය සහ එම වතුයායේ වතු කම්කරුවන් එක් ව අතුරුදහන් වු සිසුවා සොයා ඩෙස්පොඩ් වතුයායේ මෙහෙයුමක්ද දියත් කළ බවයි වාර්තා වුනේ.

කෙසේ වෙතත් එම මෙහෙයුම් වලදී පාසල් සිසුවාගේ සිරුර සොයා ගැනීමට අපොහොසත් වී ඇති අතර අද නානුඔය ඇළ අසල වල් කැපිමට ගිය එම වතුයායේ වතු කම්කරුවෙකු ඇළ අසල උණ පදුරක් මත මළ සිරුරක් තිබෙන බවට නානුඔය පොලීසිය වෙත කළ දැනුම් දිමක් මත අදාල පාසල් සිසුවාගේ සිරුර සොයාගත් බවයි නානුඔය පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් නානුඔය පොලීසිය පරික්ෂණ පවත්වනු ලබනවා.

The body of a 14-year-old schoolgirl who went missing on the 16th has been found this morning in a bamboo canal near the Nanu Oya Canal, which flows into the Kotmale Oya. The body of Gunasekaran Sivanraj, a 14 year old student of Despod Estate, Nanu Oya has been found.

The student of the Nanu Oya EnSpod Tamil Maha Vidyalaya has been reported to the Nanu Oya Police by the parents of the student. It is reported that the police and the plantation workers of the estate jointly launched an operation at the Despod estate in search of the missing student.

However, an estate worker of the estate who went to dig weeds near the Nanu Oya canal had found the body of the student following a notification to the Nanu Oya police. did.

The Nanu Oya Police are conducting further investigations.

Comments